අපරාධ නඩු

සුළු සහ බරපතල අපරාධ නඩු සම්බන්ධව මූර්ති නීති ආයතනය නීතිමය සේවා සපයනු ලබයි. අපරාධ නඩුවක චුදිතයකු වශයෙන්, එම නඩුවේ සෑම පියවරක් පාසාම ඔබ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙකු මගින් නීතිමය සහය ලබා ගැනීමේ අයිතිය ඔබට ඇත. තමා වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා හට රජයේ වියදමෙන් ගෙවීම් ලබා ගැනීමට හැකි නීතිමය අයිතියක් චුදිතයෙකුට පවතී. බරපතල අපරාධ නඩු වලදී සැකකරුවෙකු පමණක් වන තැනැත්තෙකුට වුව ද ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයාට රජයේ මහජන මුදලින් ගෙවීම් ලබා ගැනීමේ හැකියාවක් පැවතිය හැකිය.

එම වියදම් පියවා ගැනිමේදී ඊට අදාල ඇගයුම් (තක්සේරු) අප වෙතින් ඔබට නොපමාව ලැබෙනු ඇත.

ඔබ වෙනුවෙන් පෙනී සිටීමට රජයෙන් පත් කළ නීතිඥවරයෙකු අවශ්‍ය නොවන විටදී පවා නීතිඥවරයෙකුගේ උපදෙස් ලබා ගෙන නඩුව පිළිබද විග්රහයක් ලබා ගැනීම නිතරම පාහේ වාසි සහගතු වනු ඇත.

එසේම අධික වේගයෙන් රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, මත්ද්‍රව්‍ය භාවිතා කොට රිය පැදවීම හෝ අනෙකුත් වෙනයම් වරදක් යටතේ වුව රියදුරු බලපත්‍ර අහෝසි වීම හෝ අත් හිටුවීම, පොදු මහජන ප්‍රවාහන සේවා වාහන බලපත්‍ර අහෝසි වීම හෝ අත් හිටුවීම ද සිදුවන අවස්ථා වලදී යම් යම් කරුණු සම්බන්ධව ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ සහ පැමිණිලි කිරීමේ කාර්යන්ට ද අපි සහය වන්නෙමු.

ළමා ආරක්ෂණ නීතිය

ළමා සුබසාධන නඩු වලදී, නීතිමය සහය ලබා ගැනීමට හිමිකම් ඇති දෙමාපියන්ට හෝ දරුවන්ට රට තුල ඕනෑම ස්ථානයකදී මූර්ති නීති ආයතනය නීති සහාය සපයනු ලබයි. ළමා සුබසධාන නඩු වලදී, නඩුව ආරම්භයේ පටන් ළමා සුබසාධන පිළිබඳ අවදියෙන්, ඒ පිළිබද සන්නිවේදනය කිරීම ඉතා වැදගත්වේ. බලහත්කාරී පියවරක් පිලිබඳව ළමා සුබසාධන බලධාරීන් වාර්තා කරන අවස්ථා වලදී, එහි වගකීම අදාල වන දෙමාපියන්ට සහ අවුරුදු 14 වැඩි දරුවන්ට රජයේ වියදමින් නීතිඥවරයෙකුට ගෙවීම් ලබා ගැනීමේ අයිතියද ඒ සමගම ඔවුනට පැවරේ.

අප පෙනී සිටින පාර්ශවයට (දරුවාට හෝ දෙමාපියන්ට) හදිසි තීරණ, රැකවරණ නියෝග, නැවත දෙමාපියන්වෙත රැකවරණ පැවරීම සහ දෙමාපියන්ගේ සහභාගිත්වය යන කාරනා වලදී ප්‍රාන්ත සභා සහ උසාවි යන දෙවර්ගයේම කටුයුතු උදෙසා අපි සහය වන්නෙමු.

මෙවැනි නඩු වලදී ඔබට කිනම් හිමිකම් ඇත්තේද, කිනම් අයිතිවාසිකම් ඇත්තේද, කිනම් විසඳුමක් වාඩා යෝග්‍ය වේද, යන්න වටහා ගැනීම නිතරම පහසු කරුණක් නොවේ. මෙම විසඳුම් ඔබට ලබා දී සහය වන්නට අපි සැදී පැහැදී සිටිමු.

මේ සදහා කතිකා කර ගැනීමට කිසිඳු බැදීමකින් තොර නිදහස් හමුවක් යොදා ගැනීමට අප හා සම්බන්ධ වන්න.

අපරාධ නඩු

අපරාධ නඩු විධිවිධාන පනත මගින් අපරාධ නඩුවක පිඩාවට පත් තැනැත්තන් හට අයිතිවාසිකම් රාශියක් පිරි නැමේ. පීඩාවට පත් තැනැත්තාගේ සිතැගි පරිදි මූර්ති නීති ආයතනය පිඩාවට පත් තැනැත්තහට සහය වනු ඇත. පිඩාවට පත් වූවකු ලෙස පරීක්ෂණ පැවෙත්වෙන කාලය තුලත්, ප්‍රධාන නඩු විභාගය පැවැත්වෙන වාර වලදීත් ආවුර්තව පවත්වන උසාවි රැස්වීම් සියල්ලටත් සහභාගී වීමේ අයිතිය අපරාධයක පීඩාවට පත් වුවකු හට ඇත. නඩුවට ආදාලව පොලිසිය විසින් සිදුකරන පරික්ෂණ වල ප්‍රගතිය පිළිබඳවත් ලේඛන පිරික්සා බැලීමටත්, සියලු කටයුතු පිළිබද යාවත් කාලීනව දැනුවත් වීමේ අයිතියක් පීඩාවට පත්වූ තැනැත්තෙකු හට තිබේ.

අපරාධයකදී පිඩාවට පත්වන තැනැත්තා හට සිදුවන හානි වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ ක්‍රියාදාමය කාර්යක්ෂමව සිදු කරවීමටද මූර්ති නීති ආයතනය සහාය වන්නේය. ශයන්තිනි මූර්ති.

පවුල් නීතිය

මුලික කටයුතු සුදානම් කිරීමේ අවධියේ සිට, එක්ව වාසය කිරීමේ සම්මුතියට (ගිවිසුමට) ඇතුලත්වීම දක්වා සහ වීවහයට එලඹීමේ සිට දික්කසාදය හා එක්ව වාසය කිරීමේ නිමාව දක්වා සියලු කටයතු වලට අදාල නීතිමය කාර්යන් සදහා මූර්ති නීති ආයතනය ඔබට සහය වේ. විවාහ බිඳ වැටීම්, මතභේද කාරී තත්ත්ව වැනි කරුණු හේතුවෙන් දේපොළ බෙදා දීමේ සහ දරුවන්ගේ පොදු කටයුතු වලට අදාල ගැටළු පැන නැගී. එවැනි අවස්ථා වලදී අදාල කටයුතු සම්බන්ධව අපි ඔබට සහය වන්නෙමු. අපරාධ නඩු වලදී පීඩාවට පත් පාර්ශවයට උපදෙස් සපයන නීතිඥවරයෙකු ඇතැම්විට පත් කෙරේ. එහිදී අපරාධ නඩුව පුරා උපදෙස් දෙනු ලබන්නේ පීඩාවට පත් තැනැත්තාගේ සිතැඟි පරිදි ඔහු වෙනුවෙන් නීතිමය ආරක්ෂාව සපයන නීතිඥවරයෙකි. එමනීතිඥවරයාගේ සේවය ඔහුට නොමිලේ ලබා දෙනු ඇත.